Friday, February 28, 2014

දහසක් ඉපැදී මිය යන පොළවේ
මමත් මියෙන්නට උපන් අයෙක් වෙමි
මා මළ බව මුල්‍ර්‍ර ‍ලොවට දැනෙන්නට
මිය යන්නට මම පෙරැම් පුරන්නෙමි

ගස් වැල් ඇති වී නැති වී යන සද
වන මැද දියවැල් මතු වී වියැලේ
එවන් ගසක් දිය දහරක් වන්නද
මවකගේ කුස තුළ මා පිළිසිදුනේ?

මගේ මුවින් එන වදන් වැලක් තුළ
අනාගතේ සුභ සිහින රැදේවා !
මගේ සුසුම් වැල් සුළගට මුසුවී
උදාර ජීවන සුවද දැනේවා !!

No comments:

Post a Comment