Friday, June 27, 2014


මා,
සමීප යැයි සිතූ මුත්
දුරස්යැයි පැවසු ඔබ
සවියක් යැයි සිතූ මුත්
බාධකයක් බව පැවසූ ඔබ
ආදරේ යැයි සිතූ මුත්
වෛ කරනා බව පැවසූ ඔබ

තින්,
තවත් කෙළෙසක රැදෙන්නද මා
ඔබේ සෙනෙහස නොලැබෙන කළට
ඔබට අවැසි සෙනෙහසට
ඉඩ ලබාදෙමින් මෙමා
වෙන්ව යන්නම් මෙලෙස
අාදරෙයේ ඉකිබි‍දුම
ඔබට නොඇසෙන විලස ..........
හමු වේවිද අප ආයේ...............

Monday, June 23, 2014

අපි සිංහලයෝ උතුම් බුද්ධාගම් සුරකින එකම සිංහලයෝ අපියි........!


අපි එකම ජාතියක් අපේ බලේ සමගි බලේ......
ඉතාමත් ආඩම්බරයි, ගෞරවනීයයි ලස්සන වචන ඇද හැලෙන මොහ‍ොතක්...... එහෙත් මේ සියල්ලටම යට වු දැවැන්ත ව්‍යසනය නොපෙනේද කාටවත් ම. තිස් වසරක් පුරා පැවැති යුද්ධය නිමා කළ ආඩම්බරකාර පියාගේ ඊළග කූට උපක්‍රමය නැවතත් ලෝක ධනවාදීන්ගේ හිගමන් යැදීමට සැරසීම නොවේද? රට උගසට තබා හෝ තම දේශපාලන බලපරාකුමය තහවුරු කරගනිමින් පරම්පරා ගණනාවකට හිමි නිදහස් අයිතිය උදුරා ගැනීම හා රටේ සියලු සම්පත් කොල්ල කෑමේ තවත් අවස්ථාවක් එළැඹ ඇත.
මතුගම - බේරුවල සිංහල මුස්ලිම් ගැටුම් මොහොතකින් මතුවූයේ කෙසේද? එය විය හැකි දෙයක්ද? හිමි නමකගේ රියදුරු හා ඇති වූ බහින්බස් වීමකින් පසු ජාතික ආගමික කැක්කුමක් මෙතරම් ඉක්මනට මෝදු වූයේ කෙසේද? 
අවිහිංසාව, දයාව, කරුණාව, මෛත්‍රිය පදනම වූ නිර්මල බුද්ධ දර්ශනය නිර්ලජ්ජිතව කෙළෙසා දමමින් අපි නියම සිංහලයෝ අපේ ආගම වනසන්නට දෙන්න බැහැයි කියමින් පාරම්බාන්නේ කෙසේද?
බුද්ධපත්‍රයන් පොලු මුගුරු දෑත දරාගෙන නිරායුධ පුද්ගලයින්ගේ පසුපස හඹා යන අයුරු දැක නිහඩව සිටීමට තරම් සිංහලකම උදාසීන වූයෙක් කෙසේදැයි නොවැටහේ.   ඉතාම භයංකර තත්වය නම් මේ සියල්ල දැක නිහඩව සිටින මහජන නියෝජිතයන් හා රටේ නායකයාගේ අවසාන ඉලක්කය නම් දකුණේ නැවැත කැරැල්ලක් මතුකොට තම අවශ්‍යතා මුදුන් පමුණුවා ගැනීමට තැත් කිරීම නොවේද?  උතුරේ යුද ජයග්‍රහණය (මෙය ජය නොව ජාතියක් වශයෙන් අත්ත පරාජයකි) වරින් වර උපු‍ටා දක්වමින් තම බලයත් රටේ ආර්ථික රිසි පරිදි හසුරැවමින් සියලු සම්පත් කොල්ල කෑමට අවසර ලබාගත් වුන් නැවත එයටම සැරසෙන බව මෝඩ සිංහල බෞද්ධ ජාතිවාදීන්ට නොපෙනීම අවාසනාවන්ත තත්වයකි.
තම දරුවකුට කිරිපිටි පැකට්ටුවක් අරන් දිය නොහැකි, නිසි පරිදි සුදුසු පාසලකට ඇතුළත් කරගැනීමට නොහැකි, ලෙඩකට බෙහෙතක් නැති රෝහල් ප්‍රශ්න කොතෙකුත් තිබියදී ජාතියත් ආගමත් පෙරදැරි කරගෙන රටේම ආර්ථික අහේනිය ඒ අස්සේ සැගවීමට වෙර දරන කූට උපක්‍රම වලට නොරැවටී තමා අවට සිදුවන දේ නිසි ලෙස පියවි ඇසින් බලා තත්වය අවබෝධ නොකරගතහොත් අමාරුවේ වැටෙන්නේ ඔබ අප ම මිස නායකයින් නොවේ.  නීතිය වල් වැදී නායකයන් සියලු ප්‍රශ්න හමුනේ නිදි වැදී සිටින මොහොතක අහිමි වන්නේ ඔබෙත් මගේ අයිතිය විනා වෙන කිසිවක් නොවේ.  එදා උතුරේ ජන ජීවිතය සහමුලින්ම යටපත් කර විනාශ කර දැමූ විට නිහව සිටි දකුණේ ජනයා, අද දකුණේ මුස්ලිම් ජනයාට පහර දෙමින් විනාශ කරන අයුරුත් බලා සිටින්නේ උතුරට වූ විපත, මුස්ලිම්ට වූ විපත අපට සිදුවන්නේ නෑ. අපි සිංහල, අපි බෞද්ධ යන ආඩම්බරකාර හැගීමෙන් නම්, එකී මිථ්‍යාවෙන් මිදී පියවි සිහියෙන් සිහිබුද්ධියෙන් මෙම කාරණා ගැන විගුහ නොකරගන්නේ නම් හෙට දවසේ ඔබත් අපත් රාජ්‍ය විරෝධීන් හෝ ත්‍රස්තවාදීන් යැයි හංවඩු ගසා විනාශ කර දැමීමට රටේ නායකයාට හෝ පාලකයාට අවසර දී තිබෙන්නේ ඔබ අප විසින්ම බව සිහි තබා ගත යුතුය.  
එසේ හෙයින් ජාතිය ආගම පෙරදැරි කරගනිමින් පාලකයන් ගෙන යන ව්‍යාජ න්‍යාය පත්‍රයන්ට යට නොවී සියලු මිනිසුන් මිනිසුන් බව තහවුරු කෙරෙන අයිතිවාසිකම් කෙළෙසා දමන වුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට බල කරමින් හඩක් නැගීමට සියලු ජාතීන් පෙළ නොගැසුණහොත් හෙට දවසේ ඔබෙත් අපේත් ජිවීත පමණක් නොව හෙට උපරිදන දරුවාට ද ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවේ.
සියලු මිනිසුනේ නැගිටිව් ජාතිය වෙනුවෙන් නොව යුක්තිය වෙනුවෙන් !!
සියලු මිනිසුනේ නැගිටිව් ආගම වෙනුවෙන් නොව හිංසාවට එරෙවීම වෙනුවෙන් !!

Tuesday, April 22, 2014

සිංහල අලුත් අවුරුද්ද!!!

අපි හැමෝම වසරක් පුරා සතුටින් බලාපොරොත්තු වන තවත් එක් දිනයක්,
තම දෙමාපියන්බැහැදැකීමට ඔවුන් හා දින කිහිපයක් ගත කරන්නට, බිරින්දෑ‍ගේ /ස්වාමිපුරුෂයාගේගමේ දිනක් දෙකක් ගත කරන්නට, දූ දරුවන්ට ආච්චි සීයාඝ නනැන්ද මාමාලා එක්ව සුරතල් වෙන්නට ලැබෙන පුංචි නිවාඩු කාලයක් මේ අවුරුද්ද කියන්නේ බොහෝ දෙනෙකුට,

එහෙත් මා දන්නා තරමින්සැබෑ අවුරුද්ද කියන්නේ නම් බොහෝ මහන්සි වී වගා කරනු ලැබූ තම අස්වනු නෙලා ගැනීමෙන් පසු ඒවා දෙවියන්ට පූජා කොට පසුව ලබන ප්‍රීතිය බෙදා හදා ගැනීමක් ලෙසටයි.  එහෙත් අද මෙලෙස අස්වනු ලබාගත හැක්කේත් ඉන් සතුටක් ළගාකර ගත හැක්කේ කීයෙන් කී දෙනෙකුටද?   එලෙසම තම තම ලද සම්පත් බෙදා හදා ගනිමින් අසල්වැසියා, නෑයා, දෙමාපියන් හා බෙදා හදා ගන්නේ කීයෙන් ‍කීදෙනෙක්ද? මේ සියලු තත්වයන් වාණිජකරණය වූ සමාජ සැකසුමකට කොටුවී විනාශවි ගොස් ඇත්තේ දැනුවත්ව මෙන්ම නොදැනුවත්වමත්ය.

වසරක් පුරා දැරූ වෙහෙස මහන්සියෙන් භෞතිකව ලද අස්වැනනට සමානව තමන් තුළ අධ්‍යාත්මිකව ගුණ වර්ධනය නොවන්නේ නම් භෞතික ලබන සම්පත් වර්ධනයෙන් ඇති ඵල කිමක්දැයි සිතේ.  සම්පත් වලින් ආඪ්‍ය වන විට ඉන් හිස උදුම්මාගන්නා මිනිසුන් දැඩි ආත්මාර්ථයෙන් හා තෘෂ්ණාවෙන් සියල්ල තමා නතු කර ගැනීමටත් අනෙකාට වඩා තමා උසස් යැයි මාන්නක්කාර මනසින් අනෙකා පහත් කොට සලකන කල්හි කෙසේ නම් තම සතුට අසල්වැසියා, නෑයා, මව පියා සමග හෝ බෙදා ගැනීම  විහිලුවක්ම වනු ඇත.

එසේ වූ කළ සිංහල - හින්දු අලුත් අවුරුද්ද ඇති නෑ කම් වැඩිකර ගන්නට නැති නෑකම් ඇති කර ගන්නට යැයි රැව් පිළිරැව් දුන්නද පලක් වේද? මිනිසත්භවේ ගුණාත්මක වර්ධනය දිනෙන් දිනම වල පල්ලට යන සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ මේ වන විට ඉතිරිව ඇත්තේ අනෙකාගේ සැපත නොව අනෙකා තලා පෙලාමරා දමා හෝ තමා ගොඩනැගෙන්නේ තමාගේ සම්පත් වැඩිකර ගන්නේ කෙසෛද යන්න ගැන පමණි.

එසේ වූ කළ සිංහල-හින්දු අලුත් අවුරුද්ද තවත් එක් තරගකාරී දිනයක් පමණි.

Sunday, March 30, 2014

ඔබ මා අප .........



ඔබ ඔබගේ හිත මිතුරන්ට, නෑදෑයන්ට, දූදරුවන්ට
දවසකට කී සැරයක් අවවාද අනුශාසනා දෙනවද

''ඔහොම නෙවෙයි වැඩ කරන්නේ මෙන්න මෙහෙම කරන්න
අනෙක් අයට කරදරයි ඔය වැඩ කරන විදිය, සමාජේ හොදින් ඉන්න"

වගේ බොහෝ දේ කියාදෙනවා විය හැකියි.

එහෙත් මොහොතක් ඔබ ඔබ වැඩ කරන අාකාරය ගැන සිතා බැලුවාද?

තවත් කෙනෙකුගේ හිත නොරිදා, අගෞරව නොකොට
අපහාසයට, උපහාසයට ලක් නොකොට කතා කරන්නට ඔබට
කොතරම් දුරට හැකිවී තිබේද?

''උෟ මීහරකෙක් බං., ඉස්කොලේ ගියාට අකුරක් ලියන්න බෑ.
ඕකා ගේ තාත්තා ඉස්සර අපේ වත්ත සුද්ද කළා, දැන් යන්නේ උඩින්"
" අරකි ද ඒකි ඉස්සර ............ සෙට් වෙලා හිටියා  දැන් ඔන්න තවත් .......... එකෙක්
උදේ ගියාම රෑ එන්නේ මහ.........  බං" ඔබ කිසිත් නොදැන මේ වගේ වචන කොතරම් පාවිච්ච කර ඇත්ද?
මේ වගේ වචන ඔබගේ මුවින් පිට නොවුනා ද එක් දවසක් හෝ

ඒ නැතත් ඔබ ඔබට ගෞරව කරලා තියෙනවාද
 මොහ‍ොතක් හිතා බලන්න
''මට කොයින්ද මේ වගේ
මම දැන් ............ වටින්නේ නැති එකෙක් කාටත් මගෙන් ඇති වැඩක් නෑ''

හිතන්න අනුනනට ගරු කරන්නට පෙර තමන්ට ගරු කරන්න
ආදරය කරන්න ඔබ්ට ඔබ නොදැනිම අනිකාගේ ගෞරවයටත්
අනෙකාට ගරු කරන්නටත් ආදරය කරන්නටත් පෙළඹේවි

අපි ජීවත් වන සුලු කාලය තුළ උත්සාහ කරමු
සැවොම සමග සතුටින් ජීවත් වෙන්නට !!!!


Wednesday, March 5, 2014

නෙතු පිරි කදුළැල්
දෙකොපුලින් රෑරා වැටෙද්දී
ඈ කියූ කතාවෙන්
සලිත විය මා සිත ......

සමුගන්න සැරසේලු
ඇගේ සැමියා ඇගෙන්
දරැ පැටවුන් දෙදෙනා ද
ඈ ද තනි කොට දමා

දික්කසාදය අත වනයි
ඈ ගතම වෙව්ලමින්
හඬා වැටෙනා අයුරැ
බලා මා නිහඬ වුනි

කුමක් මා කරන්නෙම් ද
කිසිත් ඈ නොදන්නෙ හි
නිතර සිත රිදුම් දෙන 
මා ද ඈ වැනි ම බව........

Friday, February 28, 2014

ජීවිතය .............

ජීවිතය යනු උත්තරීතර පැතුමක් මිස 
මිලානවී අකාලයේ මිය යන පියුමක් න‍ොවේ......

මගේ  ජිවිතයේ වර්තමානය ???????.........
අතීතය පරවී ගොස් ඇත 
බලා ඉන්නවා මම අනාගතය ....... දෙස
හිස් වූ පැතුමන් සිතේ දරා ......

'ඔබ ප්‍රථමයෙන් ඔබට අවංක වන්න එවිට,
ඔබ වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම
අවංක අයෙක් ඔබට සැමදාම  සතුට හිමිවේ'

කවුරැන් විසින් කෙසේ කීවද මෙවැනි වදන්
පිටු ගණන් පිරවී  තිබුණ ද අවංකව වුවද, නිරතුරැවම ජීවිතය පුරා
අප වටා රදා පවතින්නේ දුක වේදනාව ම නොවේද? 

කොතරම් කටුක වුවද පීඩා ජනක වුවද 
ජීවිතයේ සත්‍යයට හා යථාර්ථයට 
මුහුණ දෙමින් සිනහව මුවග රදවා දිරිමත්ව
නැගී සිටින්නට උත්සාහ කළ ද වරින් වර
නෙතු අගට කදුළ පමණක් උරැම වන්නේ නම්
මා ජීවත් වන්නේ කුමට .........

'ඔබ ඔබට හිතවත් වන්න එවිට,
මුලු සමාජයම ඔබට හිතවත්වනු ඇත'

මා මට පමණක් නොව ඔබටත් සැමටත් 
හිතවත්ව සිටිය දී
මුල්‍ර සමාජයම මගේ මුලු සතුටම උදුරැ ගන්නේ 
මන්දැයි මට නොතේරේ .........

අයෙකුට සෙනෙහසින් වැරදි පෙන්නා දුන් පසු එහි වරදකාරිත්වය
මා පිටව පටවා ජීවිතය මගෙන් උදුරා ගන්නට වෙර් දරන්නේ
අවංකත්වයට හිමි සම්මානය කදුළ ........ ද????
පැරදුම ..........ද??? 
සියල්ල සිදු නොවී පවතින විටත් 
ජීවිතය හීනයක්ව තිබිය දී සිනාහසීමට වෙර දරමි මම....

'දුක් වේදනා උපකේෂාවෙන් දරාගත් තරමට 
ඔබට ජීවත් වීමේ නොමද ශක්තිය ලැබේ'

උත්සාහ දරම් මම, මට හිමි නොවුනත්
 කිසිවෙකුගේ සතුටක්, සැපතක්, අයිතියක් උදුරා නොගෙන
සිනහවෙන්නට කදුළ අතරින්,

එහෙත් තවකෙක‍ුගේ කදුළක බර නොදැනෙන
අනෙකාගේ හැගීම් ගැන හැගීමක් නොමැති ලොව
මිනිසත් භවට ලැබෙන අර්ථය කුමක් දෝ මෙලොව යැයි 
නැගේ ප්‍රශ්නයක් නිරතුරැවම කකියන හද තුළ

නයනගින් ගලාහැලෙන අවංකත්වයේ කදුළකින්
වේදනා බර දෙතොල් අතරින් විකසිත වන නිර්ව්‍යාජ සිනහවත්
සත්‍යයේ තෝතැන්නක් වූ නිකලැල් හදවතකිනුත්
බලා හිදිමි මම ශ්‍රේෂ්ඨ මනුෂ්‍යත්වයේ හා 
සදානුස්මරණීය අවංකත්වය ....... එයැයි සිතා.......!!!


දහසක් ඉපැදී මිය යන පොළවේ
මමත් මියෙන්නට උපන් අයෙක් වෙමි
මා මළ බව මුල්‍ර්‍ර ‍ලොවට දැනෙන්නට
මිය යන්නට මම පෙරැම් පුරන්නෙමි

ගස් වැල් ඇති වී නැති වී යන සද
වන මැද දියවැල් මතු වී වියැලේ
එවන් ගසක් දිය දහරක් වන්නද
මවකගේ කුස තුළ මා පිළිසිදුනේ?

මගේ මුවින් එන වදන් වැලක් තුළ
අනාගතේ සුභ සිහින රැදේවා !
මගේ සුසුම් වැල් සුළගට මුසුවී
උදාර ජීවන සුවද දැනේවා !!