Sunday, March 30, 2014

ඔබ මා අප .........



ඔබ ඔබගේ හිත මිතුරන්ට, නෑදෑයන්ට, දූදරුවන්ට
දවසකට කී සැරයක් අවවාද අනුශාසනා දෙනවද

''ඔහොම නෙවෙයි වැඩ කරන්නේ මෙන්න මෙහෙම කරන්න
අනෙක් අයට කරදරයි ඔය වැඩ කරන විදිය, සමාජේ හොදින් ඉන්න"

වගේ බොහෝ දේ කියාදෙනවා විය හැකියි.

එහෙත් මොහොතක් ඔබ ඔබ වැඩ කරන අාකාරය ගැන සිතා බැලුවාද?

තවත් කෙනෙකුගේ හිත නොරිදා, අගෞරව නොකොට
අපහාසයට, උපහාසයට ලක් නොකොට කතා කරන්නට ඔබට
කොතරම් දුරට හැකිවී තිබේද?

''උෟ මීහරකෙක් බං., ඉස්කොලේ ගියාට අකුරක් ලියන්න බෑ.
ඕකා ගේ තාත්තා ඉස්සර අපේ වත්ත සුද්ද කළා, දැන් යන්නේ උඩින්"
" අරකි ද ඒකි ඉස්සර ............ සෙට් වෙලා හිටියා  දැන් ඔන්න තවත් .......... එකෙක්
උදේ ගියාම රෑ එන්නේ මහ.........  බං" ඔබ කිසිත් නොදැන මේ වගේ වචන කොතරම් පාවිච්ච කර ඇත්ද?
මේ වගේ වචන ඔබගේ මුවින් පිට නොවුනා ද එක් දවසක් හෝ

ඒ නැතත් ඔබ ඔබට ගෞරව කරලා තියෙනවාද
 මොහ‍ොතක් හිතා බලන්න
''මට කොයින්ද මේ වගේ
මම දැන් ............ වටින්නේ නැති එකෙක් කාටත් මගෙන් ඇති වැඩක් නෑ''

හිතන්න අනුනනට ගරු කරන්නට පෙර තමන්ට ගරු කරන්න
ආදරය කරන්න ඔබ්ට ඔබ නොදැනිම අනිකාගේ ගෞරවයටත්
අනෙකාට ගරු කරන්නටත් ආදරය කරන්නටත් පෙළඹේවි

අපි ජීවත් වන සුලු කාලය තුළ උත්සාහ කරමු
සැවොම සමග සතුටින් ජීවත් වෙන්නට !!!!


No comments:

Post a Comment