Wednesday, March 5, 2014

නෙතු පිරි කදුළැල්
දෙකොපුලින් රෑරා වැටෙද්දී
ඈ කියූ කතාවෙන්
සලිත විය මා සිත ......

සමුගන්න සැරසේලු
ඇගේ සැමියා ඇගෙන්
දරැ පැටවුන් දෙදෙනා ද
ඈ ද තනි කොට දමා

දික්කසාදය අත වනයි
ඈ ගතම වෙව්ලමින්
හඬා වැටෙනා අයුරැ
බලා මා නිහඬ වුනි

කුමක් මා කරන්නෙම් ද
කිසිත් ඈ නොදන්නෙ හි
නිතර සිත රිදුම් දෙන 
මා ද ඈ වැනි ම බව........

1 comment:

  1. බ්ලොග් ලෝකයට අලුත් වූ ඔබ‍ව සාදරයෙන් පිලිග්නනවා. එසේම බ්ලොගයට ගොඩාක් මිතුරන් එකතු වේවා කියලාත් පතනවා. සුභපැතුම්!

    හැකිනම් වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරගන්නා මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

    ReplyDelete