අපි හැමෝම වසරක් පුරා සතුටින් බලාපොරොත්තු වන තවත් එක් දිනයක්,
තම දෙමාපියන්බැහැදැකීමට ඔවුන් හා දින කිහිපයක් ගත කරන්නට, බිරින්දෑගේ /ස්වාමිපුරුෂයාගේගමේ දිනක් දෙකක් ගත කරන්නට, දූ දරුවන්ට ආච්චි සීයාඝ නනැන්ද මාමාලා එක්ව සුරතල් වෙන්නට ලැබෙන පුංචි නිවාඩු කාලයක් මේ අවුරුද්ද කියන්නේ බොහෝ දෙනෙකුට,
එහෙත් මා දන්නා තරමින්සැබෑ අවුරුද්ද කියන්නේ නම් බොහෝ මහන්සි වී වගා කරනු ලැබූ තම අස්වනු නෙලා ගැනීමෙන් පසු ඒවා දෙවියන්ට පූජා කොට පසුව ලබන ප්‍රීතිය බෙදා හදා ගැනීමක් ලෙසටයි. එහෙත් අද මෙලෙස අස්වනු ලබාගත හැක්කේත් ඉන් සතුටක් ළගාකර ගත හැක්කේ කීයෙන් කී දෙනෙකුටද? එලෙසම තම තම ලද සම්පත් බෙදා හදා ගනිමින් අසල්වැසියා, නෑයා, දෙමාපියන් හා බෙදා හදා ගන්නේ කීයෙන් කීදෙනෙක්ද? මේ සියලු තත්වයන් වාණිජකරණය වූ සමාජ සැකසුමකට කොටුවී විනාශවි ගොස් ඇත්තේ දැනුවත්ව මෙන්ම නොදැනුවත්වමත්ය.
වසරක් පුරා දැරූ වෙහෙස මහන්සියෙන් භෞතිකව ලද අස්වැනනට සමානව තමන් තුළ අධ්‍යාත්මිකව ගුණ වර්ධනය නොවන්නේ නම් භෞතික ලබන සම්පත් වර්ධනයෙන් ඇති ඵල කිමක්දැයි සිතේ. සම්පත් වලින් ආඪ්‍ය වන විට ඉන් හිස උදුම්මාගන්නා මිනිසුන් දැඩි ආත්මාර්ථයෙන් හා තෘෂ්ණාවෙන් සියල්ල තමා නතු කර ගැනීමටත් අනෙකාට වඩා තමා උසස් යැයි මාන්නක්කාර මනසින් අනෙකා පහත් කොට සලකන කල්හි කෙසේ නම් තම සතුට අසල්වැසියා, නෑයා, මව පියා සමග හෝ බෙදා ගැනීම විහිලුවක්ම වනු ඇත.
එසේ වූ කළ සිංහල - හින්දු අලුත් අවුරුද්ද ඇති නෑ කම් වැඩිකර ගන්නට නැති නෑකම් ඇති කර ගන්නට යැයි රැව් පිළිරැව් දුන්නද පලක් වේද? මිනිසත්භවේ ගුණාත්මක වර්ධනය දිනෙන් දිනම වල පල්ලට යන සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ මේ වන විට ඉතිරිව ඇත්තේ අනෙකාගේ සැපත නොව අනෙකා තලා පෙලාමරා දමා හෝ තමා ගොඩනැගෙන්නේ තමාගේ සම්පත් වැඩිකර ගන්නේ කෙසෛද යන්න ගැන පමණි.
No comments:
Post a Comment